More

    Latest Posts

    පිරිමින්ගේ ජනප්‍රියම කොණ්ඩා විලාසිතා 05 ක්

    ලෝකෙ වැඩියෙන්ම විලාසිතා වලට යොමු වෙලා ඉන්නෙ කාන්තා පාර්ශවය පිරිමින්ට සාපේක්ශව ගත්තාම . ඒත් පිරිමි පාර්ශවයෙ විලාසිතා වලදි මූලිකම අවධානය යොමු කරගන්නෙ තමන්ගෙ කොණ්ඩෙට . ඒ නිසා කාලෙන් කාලෙට විවිධ විලාසිතා කරලියට එනව පිරිමි පාර්ශවය අතර . මේ තරින් විලාසිතා කාණ්ඩ හයක් ගැන කතා කරන්න අතමයි අද අපි මේ ලිපිය අරගෙන එන්නෙ .

    මේවා පිලිවෙලින්

    • Undercut
    • Classic Quiff
    • Classic Pompadour
    • The Crew Cut
    • The Buzz Cut (Military Cut)

    අන්ඩකට් -Undercut

    Undercut hairstyleමෑත කාලයේ තරුණයින් අතර ජනප්‍රියම කොණ්ඩා මෝස්තරය වී ඇත්තේ මේ කොණ්ඩා මෝස්තරයයි . මෙහිදී දෙපස හා පිටුපස කොණ්ඩය ඉතාම කොටට කපා දමන අතර උඩින් පිහිටි කොණ්ඩය පිටිපසට පීරනු ලබයි . සමහරුන්මෙය ක්‍රමාණුකූලව උඩට ගෙවී යන ආකාරයට සකසන අතර , සමහරු දෙපස හා පිටුපස කොණ්ඩය සම්පූර්නයෙන් කපා දමයි

    ක්ලැසික් ක්විෆ් – Classic Quiff

    මෙහිදී වටේ ඇති කොණ්ඩය ඉතා සුලුවෙන් කපා දමන අතර පිටුප්ස කොණ්ඩය පහලටත් . ඉහල පිටුපස කොණ්ඩය ඉදිරියටත් , ඉහල ඉදිරිපස කොටස පිටුපසට හෝ පැත්තටත් පීරනු ලබයි . මෙහිදී පැති කොණ්ඩය බොහෝ විට පිටුපසට පීරනු ලබයි .

    ක්ලැසික් පොම්පඩො – Classic Pompadour

    මේක ටිකක් පරණ කොණ්ඩා විලාසිතාවක් . මේකෙදි කොණ්ඩය කැපීමක් වෙන්නෙ නෑ . කොණ්ඩය ඉදිරිපසින් උස්සා පිටුපසට පීරන අතර දෙපස කොණ්ඩයද පිටුපසට පීරනු ලබයි .

    ද කෲ කට් – The Crew Cut

    මේකෙදි කොණ්ඩය දෙපස හා පිටුපස සම්පූර්නයෙන් කපා දමන අතර ඉදිරිපසින් කොණ්ඩය පසුපසට පීරනු ලබයි . කොණ්ඩය අඩුවෙන් ඇති නම් මෙය ඉතා හොඳ විකල්පයක් වනවා .

    බස් කට් – The Buzz Cut (Military Cut)

    කොණ්ඩය ඉතාම කොටට කැපීම මෙහි සිදු කරනු ලබයි , මෙහිදී ඉහලින් කුඩා කොණ්ඩයක් ඉතුරු වුවද මෙය පීරීමට තරම් ප්‍රමාණයක් නොවේ . මෙය මිලිටරි කට් ලෙසද හඳුන්වන අතර , හමුදා සාමාජිකයන් කොණ්ඩා කපන්නේ මේ ආකාරයට වීම මෙලෙස හැඳින්වීමට හේතු වී තිබෙනවා .

    Latest Posts

    Don't Miss

    Stay in touch

    To be updated with all the latest news, offers and special announcements.