More

    Latest Posts

    ලංකාවේ ජනප්‍රියම විදි ආහාර

    ආහාර සංස්කෘතිය කියන්නේ හරි අපුරුම මතෘකාවක් ,එහිදී විදි ආහාර හෙවත් Street foods වලට ඇත්තේ අමතක කර නොහැකි ප්‍රධාන තැනක් ,ලොව සැම රටකටම අනුන විදි ආහාර තිබේද ,,එය ලංකාවටත් පොදු දෙයකි ,,ඉතින් අද මාගේ ලිපියෙන් මා දක්වන්නේ ලංකාවේ ජනප්‍රියම විදි ආහාර වර්ග කිහිපයක් ගැනයි

    කොත්තු

    ටක ටක ටක ගලා සද්දයක් එක්ක යකඩ තැටියක් මත කටට සැරට දුම් දාන කටට සැර මේ ආහාරය කාපු නැති කෙනෙක් හොයාගන්න නම් අමාරු වැඩක් මේ කොත්තු ,ඉන්දියාවෙන් දමිල ප්‍රජාවගෙන් අපට ආපු ආහාරයක් වුවත් දැන් නම් කොත්තු අපේම ආහාරයක් වගේ ,පාන් පිටි වලින් සදා ගත්ත පරාටා කැලි වලට ලියලලා රත්කරපු යකඩ තැටියකට දාලා,අබ,ගම්මිරිස් ,මිරිස් දාලා කැරට්,ලීක්ස් ටිකක් දාලා ,කැමති අයට වෙජි කොත්තුවක් ,නැත්තම් බිත්තර දාලා ,බිත්තර කොත්තුවක්ද ,චිකන් කැල්ලක් ,පෝක් හරි බිෆ් නැත්තම් ෆිශ් කැල්ලක් දාලා කැමති ආකාරයට මේ කොත්තු වේලක් රස විදින්නට පුළුවන් ,තවත් ඕනි නම් චීස් කොත්තු හරි ඉදිආප්ප කොත්තු විදියට අලුත් ආකාරයෙන් රසවිද්න්න්ත් පුළුවන් ,අපුරු සින්දුත් මේ කොත්තුවට ලියවුනු කාලේ කොත්තු කියන්නේ ලංකාවේ ජනප්‍රියම විදි ආහාරය කියලා කියන්න තවත් සාක්ෂි මොකටද ..

    ඉස්සෝ වඩේ

    පරිප්පු වඩයකට ඉස්සෝ දාලා ,ගෝල්ෆේස් එකේ ඉදන් ඈත මුහුද දිහා බලන් ඉන්න ආස නැත්තේ කවුද ,එක හරි අපුරු අත්දැකීමක් ,ඒ තරම් ඉස්සෝ වඩේ එක්ක අපිට තියෙන්නේ අපුරු බැදීමක් ,,ලංකාවේ අපි අතර පමණක් නීමේ මේ ඉස්සෝ වඩේ ලංකාවට එන විදේශිකයන් අතරත් බොහෝ ප්‍රසිද්ධ විදි ආහාරයක් ,බොහෝ විදේශීය සංචාරකයන් ඔවුන්ගේ අදහස් දක්වා තියෙනවා ,ගෝල්ෆේස් ඇවිත් පොඩි පොඩි කෑම කරත්ත වලින් ඉස්සෝ වඩේ කෑවේ නැත්තම් ඒ සංචාරයේ වැඩක් නැ කියලා ,,ඉතින් කොමද මේ ඉස්සෝ වඩේ වලට ප්‍රතිචාර …

    සමෝසා

    වර්තමානයේ විදි ආහාර අතරින් සමෝසා වලටද තියෙන්නේ ලොකු ජනප්රියතාවක් ,අපට දමිල ජනතාවගෙන් උරුම වූ ආහාරයක් වුවත් ,දැන් නම් ටික ටික අපිට සමීප ආහාරයක් ,එළවළු අල මිශ්‍ර කොට බැද ගන්නා තරිකෝනාකාර හරි අපුරුම ආහාරයක් ,තරමක් පොඩි වුවත් රස වැඩි නිසාම එකපාර කිහිපයක් උනත් රසබලන්නත් පුළුවන් …

    ඉදිආප්ප හා අප්ප

    ඉදිආප්ප හා අප්ප අපට වෙනත් රටවලින් උරුම වූ ආහාර සංස්කෘතියක් වුවත් අද වෙද්දී නම් මේ ආහාර දෙකම අපගේ ජිවන රටාවේ ප්‍රධාන ආහාරයන් දෙකක් බවට පත් වෙලා ඉවරයි ,හොදට දෙහි දාලා හදපු සම්බෝලයක් එක්ක ,මාළු කාරියක් එක්ක ඉදිඅප්පන් ,කට සැර ලුණු මිරිසක් එක්ක සුදු ආප්ප වගේම හොද පැණි දාපු පැණි ආප්ප්පත්,,බිත්තරයක් එක්ක ගම්මිරිස් දාපු බිත්තර ආප්පත්  මේ විදි ආහාරවල තවමත් උඩින් ආහාර වර්ග කිහිපයක් ..

    අච්චාරු

    කට සැර ආච්චාරු මුලක රසවිදින්න කවුරුද ආස නැත්තේ ,හොදට මිරිස් දාලා ,ඉස්ම එක්ක බේරෙන අඹ මුලක් ,වෙරළු මුලක් ,දිවුල් ආච්චරුවක් ,අන්නාසි කැල්ලක් ,නැත්තම් ඔය එකක්ම එකටදාලා කලවම් අච්චාරු මුලක් ,කියද්දීත් කටට කෙල උරණ අපුරු විදි ආහාරයක්,බොහොමයක් දෙනා ගෝල්ෆේස් ගියාම අනිවාර්යෙන්ම අච්චාරු මුලක රසව්දින බවනම් ප්‍රසිද්ධ රහසක්.

    සාරවිට

    සාරවිට සාරවිට ,ටෝනික් පියන් වලින් හදපු හෙජ්ජියක් හොල්ල හොල්ල පාට පාට සාරවිට හදන එන කෙන්ක්ව තමා ඕනි කෙනෙක්ගේ ඔලුවට මුලින්ම යන්නේ ,ඒ තරම් සාරවිට අපිට හුරුපුරුදු දෙයක් ,කොමත් අපේ රටේ ය එදා ඉදන්ම බුලත්විට කන්න පුරුදු වෙලා හිටපු ජාතියක්නේ ,ඉතින් බුලත් විට ටිකක් වැඩිදියුණු කර රස කරලා ගන්න සාරවිට නොකාපු කෙනෙක් හොයාගන්නත් බැරි තරම් ,රටේ සංගීත ප්‍රසංගයක් ,,පෙරහරක් ,නැත්තම් කුමක් හෝ උත්සවයක් තිබ්බොත් ඒ අසලම මේ සාරවිට සොයාගන්න එතරම් අමාරුවක් නම් නැ,,බුලත් විටකට ,,පැණි පොල් ටිකක් ,සුකිරි ටිකක් ,කරදමුංගු වසාවාසි ,,ඉගුරු පියලි දාලා කට සුවද කරන සාරවිට රස සුවද අමතක කරන්න බැරි විදි ආහාරයක් තමා …

    මුරුක්කු ,කඩල

    විදි ආහාර කිවම අමතක කරන්න බැරි තවත් ආහාර කිහිපයක් පොදුවේ ගත්තාම ,මුරුක්කු ,මුරුක්කු කියන්නේ අපට බොහෝ සමීප තවත් එක ජනප්‍රියම විදි ආහාරයක් ,රටකපු ,තෙල්දාපු රටකපු ,මිරිස් දාපු රටකපු ,මික්සර් ,මයියොක්කා පෙති ,,අල පෙති ,,එකී නොකී වර්ග වල මුරුක්කු මේ යටතේ දක්වන්න පුළුවන් ,ඒ වගේම තවත් අමතක කරන්න බැරි දෙයක් තමා කඩල ,දුම් දාන කඩල කරත්තයකින් ,කට සැර කුනිස්සෝ ලුණු කැලි දාපු කඩල ගොට්ටක් ඔබ මේ ජිවිතේ එක වතාවක් හරි කළා තියනවාමයි …

    Latest Posts

    Don't Miss

    Stay in touch

    To be updated with all the latest news, offers and special announcements.