More

    Latest Posts

     ලොව පහල වූ  සුප්‍රකට මුහුදු කොල්ලකරුවන්

    ලොව පහල වූ  සුප්‍රකට මුහුදු කොල්ලකරුවන්

    මිනිස් ඔලුවකින් සහ ඇටකටු දෙකක් එකිනෙකා හරහාට යන බිහිසුණු රැවකින් යුතු කොඩියක් කුඔගසේ ලෙලමින් අනිකුත් නැව් වල නාවිකයන් මරණ බයෙන් මුසපත් කරලා ඔවුන්ගේ පසුපස එලවිමවින් මහා මුහුදේ තව ආධිපත්‍යය පතුරන ඔවුන ගැන ඔබත් හොදින් දන්නවා ඇති……කඩු තුවක්කු රැගෙන වයින් බොමින්,පරුෂ වචනයෙන් බනිමින් නාවික කබා,තොප්පි පැලද ,විටෙක එක් ඇසක් වසා රුදුරු ලෙස අභිමානයෙන් මුහුදේ රජුන්  වන මුහුදු කොල්ලකරුවෝ ඉතිහාසය පුරා වූ අසහාය පිරිසකී…මුහුදු කොල්ලකරුවන් කී විට අපිට එකවර මැවෙන රෑප නම් හරි අපුරුයී…ප්‍රසිද්ධ pirates of caribbeans,Black Sail වැනි චිත්‍රපට ඔවුන්ගේ දිවිය මනාව පෙන්වයී…වර්තමානයේ මුහුදු කොල්ලකරුවන් කාලයට ගැලපෙන ලෙස නවින නාවික තාක්ෂණයෙන් සන්නද්ධව වේ….මේ ලිපියෙන් කතා කරන්නේ ඉතිහාසයේ ලෝව ප්‍රසිද්ධ මුහුද කොල්ලකරුවන් 10 දෙනා ගැනයී…

    සර්  බ්ලැක්බයර්ඩ් Sir Blackbeard

    gindara.lk pirets

    1716 සිට 1718 දක්වා පැවති කැරිබියානු මුහුදේ මහත්  භීෂණ සමයක අණ දුන් එඩ්වඩ් ටීච්. ස්පා ස්පාඤ්ඤ  අනුප්‍රාප්තික යුද්ධයේදී බ්‍රිතාන්‍යය නාවික හමුදාවේ දක්ෂ  නාවිකයෙකු වූ  අතර මුහුදු කොල්ලකෑමට පෙර මුහුදු කොල්ලකරුවෙකු ලෙස ඒම ශිල්පයට ගෞරව කලා…  දරුණු සටන්කරුවෙකු වන බ්ලැක්බයර්ඩ් නැව් අල්ලා ගන්නා ආකාරය තරම් ඔහුගේ කොණ්ඩයද  ප්‍රසිද්ධය.බ්‍රිතාන්‍ය අධිරාජ්‍ය ට පසුව බොහො කරදකරකාරයෙකු ඔහුව අත්අඩංගුවට ගෙන එල්ලා මරණයට පත් කලා…

     ඈන්  බොනී – Aan bonny

    Aan bonny

    ඉතිහාසයේ වඩාත්ම ප්‍රසිද්ධම කාන්තා මුහුදු කොල්ලකාරිය වූ ඈන් බොනී පිරිමි මුහුදු කොල්ලකරුවන්  මෙන්ම  භයානක චරිතයකී…  අයර්ලන්තය වතු හිමියකුගේ  දියණිය වන  ඈන්  1700 ගණන්වල මුල් භාගයේදී සිය වතු  ජීවිතය අතහැර මුහුදට සේන්දු විය…  ඇය මුලින්ම කැලිකෝ ජැක් රැක්හැම්ගේ නෞකාවට පිරිමියෙකු ලෙස වෙස්වළාගෙන සිටියද, ඉතිහාසය ට අනුව, ඇය තම දරුවා සමඟ ගැබ්ගෙන සිටි නිසා කාර්ය මණ්ඩලය අල්ලා ගන්නා විට මරණ දඩුවමින් බේරී තිබුනී බේරුණි.ඈගේ සැමියාද දරුණු මුහුදු කොල්ලකරුවෙකී…..

     කැප්ටන් සැමුවෙල් බෙලමි – captain samuel bellamy

    captain samuel bellamy

    වයස අවුරුදු 28 දී  “බ්ලැක් සෑම්” හෙවත් බෙලමි ලොව ප්‍රසිද්ධ  මුහුදු කොල්ලකරුවන් අතර ඉහල  නමක් දිනාගත්තේ ධෛර්ය සම්පන්න,ශක්තිමත් ලෙස විශාල  නැව් අල්ලා ගැනීම නිසායී.. වයිඩා ගැලී ඇතුළු වන ඔහුගේ  නෞකාව රන්, රිදී සහ වෙනත් දේවලින් පිරී ගිය බවත් කියවේ…  .  බෙලමි 1717 දී කැප්ටන් සැමුවෙල් බෙලමිගේ නැව වූ වයිඩා සමග දරුණු කුණාටුවකදි මුහුදුබත් වීමෙන් විනාශ වුනා…..

     චිං ෂිහ් – Zheng Yi Sao

    Zheng Yi Sao

    මුහුදු කොල්ලකරුවන් ගේ  ස්වර්ණමය යුගයදී  චීනය ඔබ්බට ගිය මුහුද පාලනය කළ අතර එකක කාන්තාවන් නැව්වල  දුර්ලභ වුනා..  1801 දී කැන්ටොනිස් වල ගණිකා නිවාසයකින් මුහුදු කොල්ලකරුවන් විසින් අල්ලා ගන්නා  ලද චීන කාන්තාවක් වූ චිං ෂිහ් පසුව පෙරදිග කලාපයේ ප්‍රබලම කාන්තා මුහුදු කොල්ලකාර චරිතයක් වුනා..

    බර්තොලමියු රොබට්ස් – Bartholomew Roberts

    Bartholomew Roberts

    “කළු” බාට් රොබර්ස් ස්වර්ණමය යුගයේදී  වඩාත්ම සාර්ථක මුහුදු කොල්ලකරුවන්ගෙන් එකක් අයෙකු වූ  බර්තෝලමියු  රොබට්ස් අප්‍රිකාව සහ කැරිබියානු දූපත් වලින් ඔබ්බට මුර සංචාරයේ යෙදුනා.. වසර හතරක් තුළ නැව් 400 ක් පමණ ඔහු කොල්ලකා තිබුනා….පසුව බ්‍රිතාන්‍ය රජය විසින් මුහුදේදී ඔහුගේ මරණයට හේතුව වුනා…..

    කැප්ටන් විලියම්  කිඩ් – William Kidd

    William Kidd

    ස්කොට්ලන්ත නාවිකයෙකු වන විලියම් ඉතිහාසයේ බිහි වූ තවත් දරුණු මුහුදු කොල්ලකරුවෙක් වෙනවා… මුලදී බ්‍රිතාන්‍ය රජය විසින් මුහුදු කොල්ලකරුවන් මර්ධනය කිරිම සදහා සේවයට යොදවා ගත් විලියම් කිඩ් පසුව බ්‍රිතාන්‍ය රජයට ද්‍රෝහීව මුහුදු කොල්ලකරුවෙක් බවට පත්  වූවා.  නමුත් අවසානයේ 1701 දී ඔහුව අත්අඩංගුවට ගෙන  එල්ලා මරා දමන ලදී.  ඔහුගේ නඩු විභාගයට පෙර ඔහු සඟවා තැබූ දැවැන්ත නිධානයක් පිළිබඳ කටකතා අද දක්වාම පවතීනවා..

     හෙන්රි මෝගන් – Henry Morgan

    Henry Morgan

    මුහුදු කොල්ලකාර ඉතිහාසය තුල වඩා ප්‍රසිද්ධ චරිතයක් වූ හෙන්රි මොගන් කෙතරම් ප්‍රසිද්ධ යැයි කියනවා නම් ඔහු වෙනුවෙන් රම් වර්ගයක්ද තියෙනවා… කැප්ටන්  මෝගන් 1600 ගණන්වල මැද භාගයේදී කැරිබියානු මුහුදේ  මුහුදු කොල්ලකරුවෙකු ලෙස පාලනය කලා..පැනමා නගරයේ රන් බරින් යුත් ස්පාඤ්ඤ අධිරාජ්‍යයේ  යටත් විජිතයක් ද විනාශ කලා..මහා ධනයක්  සහිත මුහුදු කොල්ලකරුවන් කිහිප දෙනාගෙන් එක් අයෙකු  කෙනෙකු ලෙසද ඔහු හැඳින්වෙනවා…

     කැලිකෝ ජැක් – Calico Jack

    Calico Jack

    ජොලි රොජර් ධජයේ  පුරෝගාමියා වූ කැලිකෝ ජැක් රාක්හැම් කැරිබියානු බුකනර්වරයෙකී…  දරුණු මුහුදු කොල්ලකරුවෙක් වූ ඔහු හා ඈන් බොනී සමඟ සමිප ඇසුරු කිරිමක් පැවතුනා….. 1720 දී ජැමෙයිකාවේදී අල්ලා ගන්නා ලද රාක්හැම්ව එල්ලා, තාර දමා අන් අයට අනතුරු ඇඟවීමක් ලෙස දක්වා තිබුනා…….

     ශ්‍රීමත් ෆ්‍රැන්සිස් ඩ්‍රේක් – Francis Drake

    Francis Drake
    Francis Drake

    වංශවත්වත් පෙලපතක අයෙකු වූ  ශ්‍රිමත් ෆ්‍රැන්සිස්  ඩ්‍රේක් කාලය ගත කළේ – ලෝකය වටා ගමන් කිරීම  වැනි ගවේෂණ සමගිනි… 1588 දී ස්පාඤ්ඤ ආමඩාව පරාජය කිරීමට දායක වූ අතර එකල  කැරිබියානු මුහුදු කොල්ලකෑම් සහ වහල් වෙළඳාමේහිද නිරත වුනා..ඔහු විසින් මෙහෙයවන කොල්ල්කෑම් විශේෂයෙන් මධ්‍යම ඇමරිකාවේ ස්පාඤ්ඤ කොලණි යටත්විජිත වූ  නිසා මුහුදු කොල්ලකෑමේ ඉතිහාසයේ ධනවත්ම වරප්‍රසාද ලබා ගත්තා…

    බාබරෝසා සහෝදරයෝ – Barbarossa

    Hayreddin Barbarossa

    අරුජ් සහ හිසීර් යන නම් වලින් හැදුන්වූ ඔවුන් දෙන්නා ඉතිහාසයේ ප්‍රකට මුහුදු කොල්ලකරුවන් දෙදෙනෙකු වූවා….  16 වන ශතවර්ෂයේදී, උතුරු අප්‍රිකාව කඳවුරක් ලෙස යොදා ගනිමින්, බාබරෝසා සහෝදරයන් ඔවුන්ගේ බාබරි මුහුදු කොල්ලකරුවන්ගේ කණ්ඩායම සමඟ වෙරළබඩ නගර කිහිපයකට පහර දුන් අතර කලාපයේ වඩාත්ම බලගතු මිනිසුන් බවට ඔවුන් දෙන්නා පත් වුනා…….

    සටහන-තිවංක  රත්නසේකර

    Latest Posts

    Don't Miss

    Stay in touch

    To be updated with all the latest news, offers and special announcements.