More

    Latest Posts

    පෘතුගීසින් ට අන්ත පරාජය හිමි වු ව බිහිසුණුම සටන හෙවත් මුල්ලේරියාව සටන

    අපේ ලක්දිව 1500දි පටන් එකල ලොව ප්‍රබලතම යුරෝපීය ජාතින් වෙතින් ආක්‍රමණයට ලක් වු බව ඔබ දන්නවා ඇති….එහිදි වූ ආක්‍රමණයන්ට විටෙක ඉතා සාර්ථකව මුහුණ දී සතුරා මුලුමනින්ම ඝාතනය කොට ඔවුන්ට දරුණුතම පරාජයන් එක් කරන්න අපේ හෙලයෝ දක්ෂ වී තියෙනවා …මුල්ලේරියාව සටන,බලන සටන,දන්තුරේ සටන,,,රන්දෙණිවල සටන,ගන්නෝරුව සටන එවායින්  කිහිපයක්.එවා අතරින් පෘතුගීසින් එතෙක් මෙතෙක් ඉතිහාසයේ ලක් වූ දරුණුතම පරාජය  ගැනයී මේ ලිපියෙන් දක්වන්නේ…මේ මුල්ලේරියාව සටන…

    ***මුල්ලේරියා සටන ආරම්භය**

    1562දි සීතාවක රාජධානියේ මායාදුන්නෙ මහ රජතුමාගෙ අධීක්ෂණය යටතේ, එතුමානන්ගේ පුත්‍රයා වන ටිකිරි බණ්ඩාර කුමාරයාගේ නායකත්වයෙන් යුක්ත දහස් ගණනකින් සැදුම්ලත් සිංහල හමුදාවක් සීතාවක රාජ්‍යයේ සිට කෝට්ටේ රාජ්‍ය බලා ගමන් කරනවා. ඒ කෝට්ටෙ රාජ්‍යට දැවැන්ත ආක්‍රමණයක් එල්ල කිරීමේ අරමුණින්.

    තවත් සුළු මොහොතකින් සීතාවක රාජධානියෙන්, කෝට්ටේ රාජධානියට එල්ල වෙන්න යන මේ ප්‍රබල ආක්‍රමණය ගැන, කෝට්ටේ පාලකයා වුණු 7 වෙනි බුවනෙකබාහු රජතුමා බුද්ධි අංශ තොරතුරු හරහා දැන ගන්නවා. කෝට්ටෙට එල්ල වෙන්න යන මේ දැවැන්ත ආක්‍රමණය අතරමගදීම නතර කරලා දාන්න, බුවනෙකබාහු රජතුමත් සීතාවකින් එන හමුදාවට නොදෙවෙනි පෘතුගීසී හමුදාවක් කෝට්ටෙන් පිටත් කරනවා. නොසිතූ මොහොතක මේ හමුදාවල් දෙකම එකම ප්‍රදේශයකදි එකිනෙකාට මුණ ගැහෙනවා………. ඔව් මේ ආරම්භ වෙන්න යන්නෙ ඔබ කවුරුත් හොදින් දන්න මුල්ලේරියා සටනයි.

    **සිංහල හමුදාවේ දක්ශතාවය**

    මුල්ලේරියා සටන කියලා කියන්නෙ ලංකා ඉතිහාසයේ සිද්ධ වුණු සටන් අතරින් බිහිසුණුම සටනටයි. මේ සටනේ විශේෂත්වයන් ගොඩක් තියෙනවා. මේ සටනේදී පාවිච්චි කළේ අපේම තුවක්කු. තුවක්කු නිෂ්පාදනය කියන්නෙ අපේ රටේ ආයුධ නිෂ්පාදනයේ උච්ඡතම අවස්ථාවක් ..අපේ රටේ නිෂ්පාදනය කරපු අත් තුවක්කු, කාල තුවක්කු, කොඩි තුවක්කු, පිස්තෝල පෘතුගීසී හමුදාවේ අවි වලටත් වඩා ඉස්තරම් මට්ටමක පැවතුනා කියලා සමකාලීන පෘතුගීසී නායකයන් පවා පිළි ගත්තා. මේ සටනට ටිකිරි බණ්ඩාර කුමාරයාගෙ හමුදාවෙන් තුවක්කුකාරයෝ 10 000කටත් වඩා සහභාගි වෙලා තියෙනවා.

    ** කිරි සුවද යන්නත් කලින් යුද්දෙට ආ ටිකිරි බණඩාර කුමාරයා**

    ටිකිරි බණ්ඩාර කුමාරයා මේ සටන මෙහෙය වන්නෙ අවුරුදු 11ක් තරම් කුඩා වයසකදි. ඒ කටේ කිරි සුවද යන්නත් කලින්. ඒ වගේම පෘතුගීසී හමුදාවට ප්‍රබලතම අභියෝගයක් වුණේ අපේ අංගම්පොර රෙජිමේන්තුවෙන්. අපේ අංගම්පොරකරුවන්ගෙන් එල්ල වෙච්ච ප්‍රහාර වලින් ගොඩක් පෘතුගීසි සෙබළු ජීවිතක්ෂයට පත් වෙනවා. ඒ සටනට සහභාගී වුණු කොරතොට ආරච්චිගේ අංගං පරපුරෙන් පැවතීගෙන එන අය අදටත් අපේ රටේ ඉන්නවා.

    ඒ වගේම පෘතුගීසී හමුදාවෙම රෙජිමේන්තුවක් වුණු “ලස්කිරිඤ්ඤ හමුදාව” නොසිතූ මොහොතක යුද්ධය යන අතරතුරේදි සිංහල හමුදාවට එකතු වෙලා තියෙනවා. මේ සටනෙදි අපි යොදා ගත්තෙ ඉස්තරම් වර්ගයේ සැලැස්මක්. ඒ තමයි වට කරලා පහර දීමේ සැලැස්ම. වට කරලා පහර දෙනකොට කිසිම පෘතුගීසී සෙබලෙකුට බේරිලා පැනලා යන්න විදිහක් නෑ.

    **පෘතුගීසින්ගේ ඉරණම**

    අන්තිමේදී අවි බලයෙන් මුලු ලෝකයක්ම හොල්ලපු පෘතුගීසීන්, අපේ වීරෝධාර සිංහල

    හමුදාව ඉදිරියේ එකෙක් නෑර සමූල ඝාතනය වෙනවා. මේ තමයි රටක් එක්ක යුද්ධ කරලා පෘතුගීසී හමුදාවක් ලබපු “දරුණුතම” සහ “අන්තම” පරාජය. අදටත් ඒ සිදුවීම ගැන පෘතුගීසි වාර්තා පොත්වල කළු අකුරින් ලියවිලා තියෙනවා. මේ සිදුවීම ආරංචි වෙනවත් එක්කම මුළු පෘතුගාලයම දෙදරලා යනවා. ඒ කාලයේ ඇද හැලුනු ධාරාණිපාත වර්ෂාව නිසා මුල්ලේරියාවෙ වෙල් යායේ ලියැදි ඔක්කොම වතුරින් පිරී ඉතිරිලා ගිහින් තිබුණා. අපේ රටේ ඓතිහාසික සාහිත්‍ය මූලාශ්‍ර වාර්තා කරන විදිහට මේ සටනින් පස්සෙ මුලු මුල්ලේරියා වෙලම පෘතුගීසීන්ගෙ ලේවලින් පිරිලා තිබුණලු. කොටින්ම කිව්වොත් “ලේ විලක්” බවට පරිවර්තනය වෙලා තිබුණලු. ඒ නිසා මුල්ලේරියා සටන කියන්නෙ අපේ සිංහල ජාතියටම වැදගත් වෙන ඓතිහාසික සටනක්.

    ටිකිරි බණ්ඩාර කුමාරයා ඇතුළු සිංහල හමුදාව කෝට්ටෙ රාජධානියට ගහන්න යන කොට අතරමග නවතිනවා. නැවතිලා ඒ ස්ථානයේ තාවකාලික කදවුරක් නිර්මාණය කරනවා. හමුදා සෙබළුන් විවේක ගන්න අතරේ හමුදා ප්‍රධානියෝ මේ ස්ථානයේ රැස් වෙලා ආක්‍රමණයට අදාළ සැලසුම් සහ පිඹුරුපත් නිර්මාණය කරලා තියෙනවා. ඒවා ගැන සාකච්ඡාවල නිරත වෙලා ඉදලා තියෙනවා. ඒ නිසාම හමුදාව ගිමන් හැර ගත්ත ප්‍රදේශය හැදින්නුවෙ “පරණ වාඩිය” කියලා. පරණ වාඩියෙ ඉදලා තමයි මුල්ලේරියා සටනට හමුදාව ආයිත් පිටත් වෙන්නෙ. අපි එදා මුල්ලේරියා සටන ඉහළින්ම ජයග්‍රහණය කරනවා.

    **ටිකිරි බණඩාර කුමාරයා පළමුවන රාජසිංහයන් ලෙස  රජ වෙයි**

    කාලයක් ගියායින් පස්සෙ වැඩි වියට පත් වෙන ටිකිරි බණ්ඩාර කුමාරයාගේ ක්‍රියා කලාපය ගැන පැහැදෙන මායාදුන්නෙ මහ රජතුමා, ටිකිරි බණ්ඩාර කුමාරයට සීතාවක රාජධානියේ ඔටුන්න ප්‍රධානය කරනවා. ඒත් එක්කම ටිකිරි බණ්ඩාර කුමාරයා සීතාවක රාජධානියේ, “1 වෙනි රාජසිංහ” නමින් රාජ්‍යත්වයට පත් වෙනවා. ආයිත් 1 වෙනි රාජසිංහ රජතුමා (ටිකිරි බණ්ඩාර කුමාරයා), කෝට්ටෙ රාජධානිය දිහාවට හැරෙන්නෙ 1587දි. රාජසිංහ රජතුමාගේ මීළග සැලැස්ම වෙන්නෙ පෘතුගීසීන් යටතේ තියෙන කොළඹ කොටුවේ බලය සියතට ගන්න එක.

    **කෝට්ටේ ආක්‍රමණය **

    ඉතින් 1587දි ආයිත් කෝට්ටේ රාජධානිය ආක්‍රමණය කරන්න සිය දහස් ගණනක සිංහල හමුදාවක් සීතවක රාජධානියෙන් පිටත් වෙනවා. පොත්පත්වල ඒ සිංහල හමුදාවෙ සාමාජිකයන්ගේ ඓක්‍යන් සටහන් වෙලා තියෙන්නෙ මෙහෙමයි.

    * සාමාන්‍ය සෙබළුන්     = 50 000

    * අත් තුවක්කු කරුවන්  = 10 000

    * අලි ඇතුන්               = 02 200

    * කාල තුවක්කුකරුවන්  = 04 000

    කොළඹ කොටුව වැටලීමේ මෙහෙයුමට මාස 22ක් ගත වෙනවා. මාස 22කට පස්සෙ අපේ සිංහල හමුදාව පෘතුගීසීන්ගේ පාලනය යටතේ තිබුණ කොළඹ කොටුව අල්ල ගන්නවා. මේ මෙහෙයුම යන අතරතුරේදිත් සිංහල හමුදාව කදවුරු ගැහුවෙ, මුල්ලේරියා සටනට යනකොට කදවුරු ගහපු භූමියේමයි. ඒ කියන්නෙ පරණ වාඩියේ. මෙතන ඉදන් තමයි කොළඹ කොටුව වැටලීමේ මෙහෙයුම් කටයුතු සිද්ධ වුණේ. ඉතින් කොළඹ කොටුව වැටලීමේ මෙහෙයුමත් අන්තිමේදි අති සාර්ථක වෙනවා.

    Latest Posts

    Don't Miss

    Stay in touch

    To be updated with all the latest news, offers and special announcements.