More

    Latest Posts

    ලොව ජනාකිරන්ම නගර 10

    අද අප ජිවත් වන ලෝකයේ ප්‍රධාන යයි සැලකෙන නගර කිහිපයක් තියෙනවා ,,බොහෝ දෙනෙකු දන්නා නගර නම් ටෝකියෝ ,මොස්කව් ,ලන්ඩන් ,නිව් යෝර්ක් සහ මුබ්බායි ,,බලයෙන් ,ධනයෙන් මෙන්ම විශාල්ත්වෙයෙන් විශාල වන මේ සමහරක් ප්‍රධාන නගර වල ජන ගහනයද ඉතා අධික වෙනවා ,,,මේ ලිපියෙන් දක්වන්නට බලාපොරොත්තු වන්නේ ලොව ජනාකිර්නම නගර 10 පිලිබදවයි …

    1 ටෝකියෝ -ජපානය

    ජපානයේ අගනුවර වන ටෝකියෝ ලොව ජනාකිරණ නගර අතර පළමු තැන ගනනා නගරය වෙනවා ,,එහි ජනගහනය 38,140,000ක් පමණ වෙනවා ,,ඇති නවීන තාක්ෂණික නගරයක් වන ටෝකියෝ වසර කිහිපයක් තිස්සේ එම සටහනේ පළමු තැන අරන් තියෙනවා ,ලොව ප්‍රධානතම ව්‍යපාර හා තාක්ෂණ නගරයක් ,එමෙන්ම සංචාරක ආකර්ශනය ලද තෝතැන්නක් වීම නිසයි මේ සටහනේ පලමු තැන ගන්නට ටෝකියෝ සමත් වෙලා තියෙන්නේ ..කොම වුවත් ටෝකියෝ හි උපරිම ජනගහන ධාරිතාවද ඉක්මවා ඇති බවයි පරීක්ෂණ වල ඔප්පු වී තියෙන්නේ ..

    2 දිල්ලි – ඉන්දියාව

    මෙම ලැයිස්තුවෙ දෙවැනි ස්ථානය ලබා තියෙන්නේ අපගේ අසල්වැසි ඉන්දියාවේ අගනුවර වන නව දිල්ලියයි .එහි ජනගහනය 26,454,000 කි ,,,,,ලොව ප්‍රසිද්ධ නගරයක් වන  අපේක්ෂිත ජනගහන සීමාව ඉක්මවා ගොස් බොහෝ වසරක් වන බවයි පවසන්නේ ,,,,එම නිසාම දිල්ලි නුවර පුරා අධික රථවාහන තදබද හා පාරිසරක වායු දුෂණ නම් ඉතා ඉහල අගයක් ගනු ලබනවා ..

    3 ෂැන්හයි – චීනය

    ලොව ප්‍රධානම වාණිජ හා වෙලද මෙන්ම සංචාරක තොතැනක් වන චීනයේ ෂැන්හයි නගරය ලොව ජනාකීර්ණ නගර ලයිස්තුවේ තෙවන තැන ගන්නට සමත් වෙලා තියෙනවා .එහි ජනගහනය 24,484,000 කි …ෂැන්හයි නගරය මෙම ස්ථානයට පත්ව ඇත්තේ එය ලොව ප්‍රධානම වාණිජ නගරයක් වීම නිසාය ..

    4 මුම්බායි – ඉන්දියාව

    ඉන්දියාවේ ප්‍රධානම වෙළද නගරය වන මුම්බායි මේ ලැයිස්තුවේ සිව්වන තැන ගන්නට සමත් වී තියෙනවා ,,ඉන්දියාවේ ධනවත්ම නගරය වන මුම්බායි හි ජනගහනය 21,357,000ක් වෙනවා ..ඉන්දියාවේ ප්‍රධානතම වාණිජ වෙළද නගරය වන මුම්බායි හි මෙලෙස වූ අධික ජනගනය නිසා පාරිසරක දුෂනය ,,වායු හා ශබ්ද දුෂනය මෙන්ම අධික රථවාහන තදබදය එහි ඇති ප්‍රධානම ගටලුන් කිහිපයක් වෙනවා ..

    5 සාඕ පාවුලෝ – බ්‍රසීලය

    බ්‍රසීලයේ අගනුවර වන සාඕ පාවුලෝ මෙම ලැයිස්තුවහි පස්වන තැන ගන්නා නගරය වේ .මිලියන 22 කට අධික ජ්නගහනයක් ඇති සාඕ පාවුලෝ බ්‍රසීලයේ ප්‍රධානම වාණිජ හා කර්මාන්ත හා සංචාරක නගරයක් වීම නිසා මෙම ස්ථානය ගන්නට සමත් වී තිබෙනවා .

    6 බිජිං -චීනය

    ලොව දෙවන බලවතා වන චීනයේ බිජිං නගරය මෙම ලැයිස්තුවහි  හයවන ස්ථානය ගන්නට සමත් වී තියෙනවා ,එහි ජන්ගහනය 21,240,000කි ,,අති විශාල අහස උසට නැගුනු බිජිං නගරයේ 2030 වන විට ජනගහනය 27,706,000ක් දක්වා වැඩි කරන්නට එහි බලධාරීන් අපේක්ෂා කරනවා .

    7 කුයිඩඩ් ඩි මෙක්සිකෝ – මෙක්සිකෝව

    මධ්‍යම ඇමරිකානු රටක් වන මෙක්සිකෝහි අගනුවර වන කුයිඩඩ් ඩි මෙක්සිකෝ හෙවත් මෙක්සිකෝ සිටි මේ ලැයිස්තුවෙ සත්වන තැන ලබාගෙන ඇති නගරය වෙනවා ,,,,පුරාණ සංස්කෘතික උරුමයකින් හෙබි නවීන තාක්ෂණයට අනුන ලෙස හැඩගැසුණ  මෙහි ජනගහනය 21,157,000කි …මෙය මෙක්සිකෝ සිටි නගරය ලතින් ඇමරිකානු කලාපයේ වෙළද හා මුල්‍ය කේන්ද්‍රස්ථානය ලෙසද හදුන්වන්නට පුළුවන් .

    8 ඔසාකා -ජපානය

    ජපානයේ දෙවැනි අගනුවර මෙන්ම විශාලම දෙවන නගරය වන ඔසාකා මෙම ලැයිස්තුවෙ අටවන ස්ථානය ගන්නා නගරය වෙනවා ….වෙළද හා තාක්ෂණික නගරයක් වන ඔස්කා හි ජනගනය 20,337,000කි ,,,,,ඔසාකා හි ජනගහයෙන් බොහෝ පිරිසක් විදේශික නේවාසිකයන් වන අතර ඔසාකා නගර බලධාරීන් එහි ජනගහනය බොහෝ සේ අඩු කරන්නට උත්සහ දරනවා ,ඔවුන්ගේ අපේක්ෂාව 2030 වන විට ඔසාකා හි ජනගහනය 19,700,000ක් දක්වා පහත හෙලන්නට …

    9 කයිරෝ -ඊජිප්තුව

    පුරාන මිසරය හෙවත් ඊජිප්තුවේ අගනුවර වන කයිරෝ ලොව පැරණිතම මෙන්ම ලොව ප්‍රධානම සංචාරක තෝතැන්නක් ,,,කයිරෝ නගරය මෙම ලැයිස්තුව හි නවවන ස්ථානය ගන්නෙත් එකී වූ හේතුන් නිසාමයි .කයිරෝහි ජනගහනය 19,128,000කි ,,,ග්රිසා හි පිරමිඩ නිසා කයිරෝ සංචාරකයන් අතර පලමු තැන ගන්නා තෝතැන්නක් බවට පත්වී තියෙනවා ,,එයට අමතරව මේ අවට බොහෝ විශ්ව විද්‍යාල හා හොටෙල් පිහිටා ඇති නිසාත් එහි ජනගනහනය වැඩි වන්නට එය එක හේතුවක් ..

    10 නිව්යෝර්ක් – ඇමරිකා එක්සත් ජනපදය

    ලොව ජාන්කිර්ණ නගර ලයිස්තුවේ දවසන ස්ථානය ලබාගෙන තිබෙන රටවන්නේ ඇමරිකා එක්සත් ජනපදයේ නිව්යෝර්ක් නගරයයි .,,ඇමරිකාවේ විශාලතම නගරයක් වන ,,,වාණිජ ,වෙළද හා සංචාරක නගරයක් වන  මෙහි ජනගහනය 18,694,000ක් වෙනවා ,,,අති විශාල අහස උසට ගොඩනැගිලි විහිදුන මෙම නගරය ලොව ඇති ජිවන වියදම් අධිකම නගරයක් ලෙසද හදුන්වන්නට පුළුවන් …

    Latest Posts

    Don't Miss

    Stay in touch

    To be updated with all the latest news, offers and special announcements.