ලොව ඉදිරියට පැමිනිය හැකි  සොම්බී වසංගතය

0
312

ගෙවුනු 2020වසර එතරම් යහපත් වර්ෂයක් නොවුනු බව අත්දැකීම් තුලින් අප සියල්ලන්ම දන්නවා…..බලාපොරොත්තු නොවු ලෙස වූ නව කොරොනා වසංගතය නිසා මුලු ලොවම අඩපණ වූනා……ඉදිරියට කොරොනා වසංගතය ට වඩා දරුණු වසංගත වලට මුහුනදිමට වේ යැයි අනුමානයන් කරනවා ..එම නිසා ඉදිරිටයෙදි කුමක් වේද කියන්න කවුරුත් දන්නේ නැ…….මිනිසුන් අතර පැතිරි යන අති වේගවත් ,භයානක වෙරස් එකක් බැක්ටිරියාවක් නිසා මිනිස්සු සොම්බි බවට පත් වුනොත් කෝම වෙයිද…

අද වන විට Tv show,Movies,Games වලින් බොහො විට සොම්බි ගැන කතා කරනවා…..ඒම දෙයක් ඇත්තට උනොත්…….අද මේ ලිපියෙන් දක්වන්නේ ඒ සොම්බින් ගැන…..

සොම්බින්

අති දරුණු වෙරසයකින් හෝ බැක්ටිරියාවක් නිසා මිනිසුන්ගේ හෝ සතුන්ගේ ජාන ව්කෘති බවයට පත් ව මොලය පමණක් ක්‍රියා කරමින් අනෙකුත් ක්‍රියා අකර්මණ්‍ය වී ඉතා බිහිසුනු පෙනුමකින් යුතුව  ,එකිනෙකා මරාගනිමින් ප්‍රචන්ඩ ලෙස හැසිරිම   වැනි දේ යෙදෙන සොම්බින් අප බොහො විට චිත්‍රපට ටෙලිනාට්‍ය සහ පරිඝනක ක්‍රිඩා තුලින් බොහො දැක ඇත….සොම්බින් කියා අදහස් කරන විට ඔලුවට මැවෙන්නේ එවැනි රෑපයක්…..ඇත්තටම සොම්බින් ලෙස හදුන්වන්නේ නොමල මල ජිවින් කොටසක්…..

සොම්බින්ගේ ඉතිහාසය

සොම්බි හෙවත් ශබ්දකෝෂයේ තියන විදියට  පිල්ලියක් (හයිටි ප්‍රංශ: සොම්බි, හයිටි ක්‍රෙයෝල්: සොන්බි)  කියන්නේ  මළ සිරුරක් නැවත පණ ගැන්වීම තුළින් නිර්මාණය කරන ලද මිථ්‍යාදෘෂ්ටික නොවරදින ශාරීරික පුනර්ජීවනයක් …. මෙම යෙදුම පැමිණියේ හයිටි ජනප්‍රවාදයකින්  වන අතර, පිල්ලියක් යනු විවිධ ක්‍රම මගින් නැවත පණගන්වන ලද මළ සිරුරක් වෙනවා.. මළවුන්ගේ නැවත පණ ගැන්වීම පිළිබඳ නවීන නිරූපණයන් අනිවාර්යයෙන්ම මැජික් හා සම්බන්ධ නොවන නමුත් බොහෝ විට වාහක, විකිරණ, මානසික රෝග, දෛශික, රෝග කාරක, පරපෝෂිතයන්, විද්‍යාත්මක අවියක්  වැනි විද්‍යාත්මක ප්‍රබන්ධ ක්‍රම භාවිතා කරනවා…..

අප රටෙද ගුරුකම් වලදි මලවුන් ට පන දි පිල්ලි බවට පත් කරවා විවිධ හදිහුනියම් ,පලිගැනිම්,සිදුකරන බවට කතාද අසන්නට පුලුවන්

සොම්බින්ගේ ලක්ෂණ

සොම්බි තත්ත්වයක් කියා හදුන්වන්නේ වෛරසයකින් හෝ බැක්ටිරියාවකින් ව්‍යාප්ත වන මිනිසුන් ඉතා ප්‍රචන්ඩකාරීව හැසිරෙන තත්ත්වයකි.මෙවැනි සංකල්ප බොහො විට දකින්නේ  රූපවාහිනී කතා මාලා හා චිත්‍රපට මගිනූයී..ඒවායේ සිටිනා සොම්බීන් විවිධාකාර වෙනවා.. සමහරෙක් සොම්බින්  නින්දෙන් ඇවිදිනවාක් මෙන් වන අතර එහිදී මිනිසුන් ඊට  ගොදුරු වන්නේ ඔවුන්ගේම අවධානය ගිලිහීමෙන් හා සොම්බී විශාල ප්‍රමාණයක ග්‍රහණයට හසු වීමෙනුයී….මි නිසුන්ව සපා කා දිනක් හෝ කිහිප දවසක් යන විට එම  පුද්ගලයන් සොම්බීන් බවට පත් වේ….සොම්බීන් දැඩි කුස ගින්නකින් පෙලෙන අතර අමු මස් ආහාරයට ගන්නවා ..ඔවුන්ශබ්ධයට අති සංවේදීයී..සමහරක්  සොම්බීන් අධි ක්‍රියාශීලීයී..මිනිසුන් පසු පස හඹා යන්නේ උසේන් බෝල්ට් මීටර් 100 දුවනවාක් වගෙයී.එයට වයස් භේදයක් ස්ත්‍රී පුරුෂ භේද නැහැ…ඔවුනුත් ශබ්දයට ඉතා සංවේදියී…

සොම්බ් වසංගතයක් වීමට බලපෑ හැකි හේතුන්

01.ජීව ආයුධයක් ලෙස සොම්බින් වැදගත්ම වෙන්නෙ ඉස්සරහට  රටක් ආක්‍රමණය සදහා ලේසිම අඩු වියදම් ක්‍රමයක් වීම නිසයී.එයට හේතුව නම්  සෙබලුන්ට යන වියදම අවි ආයුධ වලට යන වියදම 0% නිසා. මෙවැනි ජීව අවි භාවිතාකරන්නට  කරන්න ප්‍රධාන හේතුවක් විදියට  දියුණු රටවල නවීන තාක්ෂණය නිසා ස්වභාවධර්මයාට අහිමිකරන දේවල් නිසා ඒ රටවල් ජීවයට නුසුදුසු මට්ටමකට එනවා. එකපාර මුලු ලෝකයම ජීවයට නුසුදුසු රටවල් වෙන්නෙ නෑ.. ඒ නිසා බලවත් රටවල් වලට තවත් සුදුසු රටක් අල්ලාගැනීමට පහසුම ක්‍රමේ මේක-ලෝකයට අවම හානි සිදුකරමින් )

  1. ලෝක ජනගහනය පාලනය කරන්න පුලුවන් හොදම විදිහක් සොම්බි වසංගතය දැක්වන්නට පුලුවන්..
  1. බුද්ධ ධර්මයෙ සදහන් වෙනවා මෛත්‍රී බුදුන් බුදුවෙන්න කලින් මිනිස් පරිහානියක් වෙන බව

* මුරුගසන් වර්ෂාව – මේ වැස්සට තෙමෙන අය ලෙඩවෙනවා අනෙකාව මරාගෙන කන්න පෙලබෙනවා (අපිට නිගමනය කරන්න පුලුවන් කෘතිමව වැසි ඇති කරන්න පුලුවන් වගේම ඒ වර්ෂාවකට මේවගේ වෛරසයක් ඇතුලත් කරන්න පුලුවන් වීම ගැන)

  1. ක්‍රොආටන් වෛරසයක් ගැන බයිබලයෙ සදහන් වෙනවා . සරලවම කිව්වොත් මේකත් එවැනි වෙරසයක් වේවී… (පාකලස් /ලෝක විනාශයට පෙර නිමිති හැටියටයි එනවා කියන්නෙ. )

05.ජර්මන්  නාසි පරීක්ෂණ වලිදි සොම්බි ආශ්‍රත පරික්ෂණ සිදුකරකා තියෙනවා ,  තුන්වන ලෝක යුද්ධයක් ඇති වුනොත් , ඊලග ආක්‍රමනිකය අනිවාරෙන්ම කරන පරීක්ෂණයක් තමයි එවැනි  සොම්බි වෛරසයක් නිපදවන්නටත් උත්සහ කරාවී..

  1. මේ වෛරසය ජීවමාන ලෙස පවතිනවා.. – ජලභීතිකාව , කුබලගෙත් තවත් සතුන් කිහිපදෙනෙකුගෙත් සුළු වශයෙන් මේක තියෙනවා. ජලභීතිකාවට සමානකම තියෙන රෝගකාරකයක් එක්තරා මසුන් විශේෂයක් නිකුත් කරන විසෙත් තිබෙනවා …එවැනි රෝග වැඩි දියුනු වුවහොත් සොම්බි වෛරසයක් බවට පත් වීමට ඉඩකඩක් පවතී…. එයබොහො විට ස්වභාව ධර්මය විසින් වෛරසය පරිණාමය වීමෙන් හෝ , මිනිසුන් විසින් වෛරසය වැඩි දියුණු කිරීමෙන් මේක නිර්මාණය වෙවී….

*Charonic westing Diseases Virus -නම් වෙරසය zombie වෛරසයට 75% වැඩි සමානකමක් පෙන්නන මුවන් වැනි සතුන් අතර දැනටමත් පවතින වෛරසයක් වෙනවා…

07.ගෝලීය උෂ්ණත්වය නිසා ග්ලැසියර දියවීම් සිදුවනවා. මේවා තුල නොනැසී පැවති දරුණු රෝගකාරක වෛරසයන් ග්ලැසියර දියවීම නිසා මුදාහැරෙන බවට  මේ වනවිට සොයාගෙන තියෙනවා..

08) .Flakka ෆ්ලක්කා වැනි දරුණු වර්ගයේ මත්ද්‍රව්‍ය භාවිතා කල පුද්ගලයින් සොම්බින් මෙන් සිහිකල්පනාවකින් තොරව ඉතා ප්‍රචන්ඩව හැසෙරෙන ආකරය දැකගන්නට පුලුවන්…එම නිසා ෆ්ලක්කා වැනි දරුණු මත්ද්‍රව්‍ය භාවිතය සොම්බින් බිහිකරන්නට හේතුවේවී..

සොම්බි වසංගතයේ භයානකම

01සොම්බි වසංගතයකට පෙර සුදානමක් අපට නැති නිසා එවා ගැන අවබෝධයක් බොහො දෙනෙකුට නැහැ….සොම්බින් ඉතා දරුණුතම පිරිසක්.ඔවුන් සමග සටන් කිරිමට අවශ්‍ය අවි ආයුධ හා යුධ පුහුනුව ඇත්තේ සුලු පිරිසකට පමණයි….ඒ නිසා එම වසංගතයකින් ආරක්ෂා වන්නට ගොඩාක් දෙනෙකු අපෝසත් වෙනවා..

  1. සොම්බි වසංගතය ට ඕනීම කෙනෙක් ගොවුරු වෙන්න පුලුවන්….ඒ නිසා ඔයාගේ ලගම සමිපතයන් වුනත් ඔයා ඔයාගෙ යාලුවා, ඔයාගෙ පෙම්වතා හෝ පෙම්වතිය , ඔයාගෙ සහෝදරයා , අම්මා , තාත්තා මේ ආකාරයේ මොනයම් හෝ සමීපතමයෙක් තමයි එකට ගොදුරු වෙන්න පුලුවන් .. ඒ නිසා ඒ කුමන කෙනෙක් සමග වූනත් සටන් කරන්න හැකියාවක්,ශක්තියක් ,ධර්‍යක් ,හිතක් තියන්න ඕනී…
  1. සොම්බි ව්‍යවසනයක් රටක නිතිය ආරක්ෂක උපාංග බිද වැටෙනවා..ඒ නිසාම බය නැතුව හැමෝම ආයුධ ගනී…ඒ නිසා වෛරස් එක හැදිලා කියල විවිධ කටකතා නිසාම මිනිස්සු මිනිස්සු එකිනෙකා මරා ගනියි.

04.. කුමන හෝ දරුණු වසංගතයක් ආ විට වෙලදපොල ආහාර ඇතුලු බොහො දේ මිලදිගන්න බොහො දෙනා උත්සහ කරාවී…එවිට කලබලකාරි,ගැටුම් ,එවැනි දේ බොහොවෙවී….පිරිසක් පමණක් ආහාර ඇතුලේ දේ මිලදි ගත්තත් බොහො පිරිසක් එහිදි අසරණ වේවී…

  1. මෙවනි වසංගතයකදි බොහොවිට විදුලිය ,අන්තර්ජාලය ,දුරකථන හා ප්‍රවාහන පහසුකම් බිදවැටෙවී..එවිට බොහො ,අපහසුතා,,අපදාවන්ට මුහුන දෙන්නට වෙනවා
  1. සොම්බි වසංගතයක් වූ විට රජයක් බිදවැටිමෙන් ඒ සමග නිතියද බිදවැටෙනව…එවිට දුෂකයන්,හොරුන් මංකොල්ලකරුවන් ,මානසික අසහනකරුවන් වැනි සමාජ විරොධියන් නිදැල්ලේ සැරිසරාවී..එවිට සොම්බින් ට අමතරව මැවැන්නො සමගද ගැටෙන්නට සිදුවෙනවා…

07 . සොම්බි වසංගත සමග ආහාර හිගවිමේ ඉඩකඩක් තියේවී.එවිට  නීරෝගි මිනී මස් වලට නීරෝගී මිනිස්සුන්ගෙන් හොද ඉල්ලුමක් තියෙවී.. එය තවත් බොහො දරුණු තත්ත්වයන් වෙවී

සොම්බි වසංගතයකින් ආරක්ෂා වන ආකාරය

හැකිතාක් අවදානම මගහැරිම

හැකිතක් බාහිර ගමන් සීමාකිරිම,,සැගවි සිටිම සහ හැකිතාක් එවැනි අවදානම මගහැර සිරිමට කටයුතු කිරිම මෙහිදි පලමුකොට කල යුතුය….

ශාරිරක ආරක්ෂක උපාංග අවශ්‍ය වේ..

කුමන වසංගතයක් ආවත් එයින් ආරක්ෂා වෙන්නට සැගවිමට හෝ පලායමක් තිබිය යුතුයී…. සොම්බි වසංගතයකදි මුලු ශරිරයම ආවරණය වන ලෙස බොඩි ආමර් වැනි දේ තිබිය යුතුමයී

නැත්තම් අත්දිග ජැකට්, ඩෙනිම් වගේ රළු ඇඳුම් කට්ටලයක් ළඟ තියා ගන්න ඕනී…රබර්, ප්ලාස්ටික් වගේ දේවල් යොදාගෙන බෙල්ල, අත්දෙක වගේ නිතර ගැටෙන තැන් වලට අමතර ආරක්ෂාවක් ලැබෙන විදිහට ඇඳුමක් සකස් කිරිම වටිනවා..

ජීවත් වන නිවස හැකි තරම්  ශක්තිමත්ව තබා ගන්න.

ජිවත්වන නිවාස හෝ ඕනෑම තැනක් ගල් වලින් බැඳලා, ගනකම ලෑලි දොරවල් දාල , ගොඩක් වෙලාවට යකඩ ඩ්‍රිල් වලින් ජනෙල් ඔක්කොම ආවරණය කිරිම ඉතා වටින උපක්‍රමයක් වෙනවා.. එවිට එය කඩාගෙන එන එක ලේසි නෑ. තමන්ගෙ ගෙදර එහෙම ශක්තිමත් නැති ආරක්ෂාව අඩු තැන් තියෙනවා නම් පුළුවන් තරමට හදා ගන්න. හොරහතුරු උවදුරකදී වුනත් වැදගත් වෙවී…

ශරිරික ශක්තිය

මෙවැනි වසංගතයන්හි බොහොවිට පලායාමට සිදුවෙන නිසා ඕනිම අවස්ථාවකට මුහුනදීමට ශාරිරික ශක්තියෙන් සිටිම වඩා යෝග්‍ය වෙනවා..එම නිසා නිතරම ව්‍යායාම කොට ශක්තිමත් ව සිටිම වාසියක් වෙවී.

ඇඳුම්, බෙහෙත් , උපකරණ සහ වෙනත් අත්‍යවශ්‍ය දේ  රැස්කිරීම …

දීර්ඝකාලීන රෝග වලින් පෙලෙන අය පොඩි අතිරික්තයක් හෝ ළඟ තියා ගන්න පුරුදු වෙන්න

සරල ප්‍රථමාධාර කට්ටලයක් නිතර ළඟ තියාගන්න.

නිවසට අත්‍යාවශ්‍ය වෙන උපකරණ  ඔබම තබාගන්න.

උප්පැන්න සහතික වැනි   වැදගත් ලියවිලි ගොනුකොට තබාගන්න…

අතවශ්‍ය දුරකථන අංක රැස්කොට තබාගන්න…

ප්‍රමාණවත් ආහාර ජලය රැස්කොට තබාගන්න

ආරෝපණය කර හැකි,රෝඩියෝ,,චන්‍ර්ද්‍රිකා දුරකථන තබා ගන්න…

හැකිතාක් ආරක්ශිතව සැගවි සිටිම සහ විවෘතව නොසිටිම විටෙක ආරක්ෂක ක්‍රියාමාර්ග ලෙස දැක්වන්නට හැකියි…

ඉදිරි අනාගතයෙදි තව කුමන හෝ වසංගත පැමිනේද යන්න අප නොදන්නා කරුණකී…එවාට කල්තියා සුදානම් වීම ඉතා වටිනා ක්‍රියාවකී…එබැවින් ඔබගේ වටපිටාව ,පරිසරය ,සමාජය පිලිබදව නිතරම අවබෝධයෙන් කටයුතු කරන්න..

සටහන – තිවංක රත්නසේකර

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here